Wednesday, December 6, 2017

  • ගැමි නාට්‍ය   

    1. සොකරි
      ගැමි නාටක පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වශයෙන් අංග තුනකි.
    • කෝලම් 
    • නාඩගම් 
    • සොකරි
     කෝලම් සහ නාඩගම් බස්නාහිර හා දුකුණු මැද පළාත් තුළ  බහුලව දැක ගැනීමට පුළුවන. එපමණක් නොව ගොවිතැන් කරන කාල සීමාව තුළ කමත කේන්ද්‍ර කරගනිමින් සොකරි නාටක ඉදිරිපත් කරන්නට වූහ.මෙහිදී සොකරි ලෙස පිරිමියෙකු හැඩ ගන්වයි. සෑම චරිතයක්ම නිරූපණය කරන ලද්දේ පිරිමි පාර්ශ්වය විසිනි.සොකරි සහ ගුරුහාමි මෙහි එන ප්‍රධාන චරිත දෙක වේ. ඊට අමතරව පරයා, වඩුවා,වෙළෙන්ඳා ආදී වශයෙන් චරිත වේ.
                                                සොකරි සහ ගුරුහාමි විවාහක යුවලයි.නමුත් ඔවුන්ට දරුවන් සිටියේ 
නැත .මේ නිසා ඉන්දියාවේ සිට නැවකින් මොවුන් ලංකාවේ කතරගම ප්‍රදේශයට පැමිණෙන අතර ගුරුහාමිව බල්ලෙකු සපා කෑම නිසා  ලංකාවේ තඹරවිල  ප්‍රදේශයේ වෙදරාළ වෙත ගෙන යනු ලබයි. පසුව සොකරි වෙදරාළ සමඟ සම්බන්ධයක් ඇති කරගන්නා අතර ඔවුන් දෙදෙනා පැන යයි. ඔවුන් සොයා දෙන ලෙස ගුරුහාමී කපුරාළගෙන් ඉල්ලීමක් කරන අතර  අවසානයේ ඇයව හමුවේ.

No comments:

Post a Comment