Friday, November 24, 2017



  •  ජන විශ්වාස

                   අතීතයේ අපේ මුතුන් මිත්තන් තුළ යම් යම් හේතු කාරණා පදනම් කරගනිමින්  විවිධ වූ විශ්වාස හා මතවාද රාශියක් ගොඩ නැඟී තිබුණි. මේවා අසුබ හා සුබ යනුවෙන් කොටස් දෙකක් විය. ඇතැම් විට යම් කටයුත්තක් කිරීමේදී සුබ සලකුණු ලෙස හඳුනාගත් විශ්වාසයන් කීපයක් විය.
    • සුභ ගමනක් පිටත්ව යෑමේදී වතුර පිරුනු කළයක් ඉදිරියට මුණගැසීම . මෙය ඉතා සුභ සලකුණක් ලෙස අතීතයේ ගැමියා විශ්වාස කරන්නට විය. එපමණක් නොව වර්තමානය වන විට ද මෙය බොහෝ දෙනා අනුගමනය කරන්නකි. විශේෂයෙන්ම මංගල අවස්ථා වල දී  , නව රැකියාවකට පිටත්ව යෑමේදී මෙලෙස වතුර වීදුරුවක් රැගෙන ඉදිරියට පැමිණීම සිරිත විය.
              
    •  ගේ දෙස බලාගෙන බළළෙකු මූණ සේදීම හා කපුටෙකු ඇඹුල් ගසක සිට කරව් කිරීම ගෙදරට යමෙකුගේ පැමිණීමක් සංකෙත්වත් කරන බව ගැමියන් තුළ වූ අනෙක් මතයයි.



    මෙලෙස සුභ ලකුණු ලෙස සලකන කරුණු මෙන්ම සුභ කටයුතු වලදී අසුභ ලෙස සලකන ලද කරුණු ද විය.

        • අඟහරුවාදා සහ සිකුරාදා ස්නානය කිරීම. 

        • හවස් කාලයේදී නිවස අතු ගා එලියට කුණු විසි කිරීම . 

        • අගහරුවාදා සහ සිකුරාදා මකුණු දැල් කැඩීම හා ලිපේ අලු විසි කිරීම.

        • බල්ලන් කනපට ගැසීම හා ගමනක් පිටත් වීමට සූදානම් වීමේදි ඇඳුම් ඇඳගත් පසු නැවත එය මාරු කිරීම ගමනට බාධාවක් ලෙස සැලකීම. 

        • කුල්ලෙන් සහල් පොලන විට කුල්ල ඉදිරියට යෑම. 

                        කුල්ලෙන් සහල් පොලන විට පුරුෂ පාර්ශ්වය ඉදිරියට ගියහොත් අනාගතයේ ඔවුන්ට දෑවැද්ද නොලැබෙන බව වැඩිහිටියන් පවසසන්නට විය.

          • වංගෙඩිය මත හිඳ ගැනීම , ඇඹරුම් ගලේ පොල් කෑම.

            එසේ කලහොත් මගුල් දවසට වහිනවා යැයි වැඩිහිටියන් පැවසීය.

             
              

         

                                             

    No comments:

    Post a Comment