Wednesday, November 15, 2017

  • තේරවිලි 

    තේරවිලි යනු අතීතයේ  ග්‍රාමීය ජනතාව විසින් සතුට ,විනෝදය හා මහන්සිය නිවා ගැනීමට භාවිතා කරන ලද ,බුද්ධිය මැනීමට භාවිතා කරන ලද එක්තරා සන්නිවේදන ක්‍රමයකි. තේරවිලි කොටස් දෙකක් යටතේ වර්ග කළ හැක.
  • තේරවිලි කවි  
  • සවිස්තරාත්මක තේරවිලි 
  • ප්‍රශ්නාර්ථවත් තේරවිලි
ආදී වශයෙන් හදුනාගත හැක. ඇතැම් තේරවිලි කවි ලෙස ඉදිරිපත් වූ අතර එහි යම් කිසි තාලයක් අන්තර්ගත වී තිබුණි.

උදා : අහස උපන් තැන සකි නුඹ       දන්නවද        
         පොළව උපන් තැන සකි නුඹ   දන්නවද
         මුහුද උපන් තැන සකි නුඹ        දන්නවද
         සිවුපද උපන් තැන සකි නුඹ      දන්නවද

මෙය මා ඉහත සඳහන් කරන ලද ආකාරයේ තේරවිලි කවියකි. ඔබ මෙය කියවා බලන විට මෙහි කවි ස්වරූපයක් ගැබ් වී ඇති බව පැහැදිලිව වේ. එපමණක් නොව මෙහි සිව් පදයන් විමර්ශනය කිරීමේදී මෙහි යම් ප්‍රශ්නාර්ථවත් බවක් ද ගැබ් වී ඇති බව පෙනේ .

       අහස උපන්නේ  අස් විදනෙන්        නොවේද
       පොළව උපන්නේ පුව පුටයෙන්     නොවේද
       මුහුද උපන්නේ මුව සිරිසෙන්         නොවේද
       සිව් පද උපන්නේ වීණාවෙන්         නොවේද

මෙය ඉහත තේරවිලි කවියට බුද්ධිමත් අයෙකු විසින් දෙන ලද ඉතා අපූරු පිළිතුරකි. මෙය වර්තමාන සමාජයේ ජීවත් වන අපිට නම් මහත් වූ ගැටලුවකි. නමුත් අතීතයේ ගැමියා සමාජීය දැනුමෙන් ස්වයංපෝෂිත වූ පිරිසක් වූහ .


No comments:

Post a Comment