Friday, November 17, 2017

  • ශාන්තිකර්ම

    1. ගම්මඩුව ශාන්තිකර්මය

      ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත.
      සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයිගොක් අතු එල්ලීම.
                                         මෙහිදී නර්තන විවිධ ආකාරයෙන් සිදු අරනු ලබන නර්තන වේ.ඒ අතරින් පත්තිනි දෙවියන්ට පුද පූජා කිරීමේ අරමුණින් පත්තිනි සළඹ සිදු කරනු ලබයි.මෙහිදී දෙවොල් මඩු ශාන්ති කර්මයට පැමිණෙන ගුරුන්නාන්සේ පත්තිනි මෑණියන් ලෙස සරසා නර්තනයේ යෙදෙමින් පූජා පවත්වයි.


No comments:

Post a Comment