ASWANNA
Wednesday, January 23, 2019
Wednesday, December 6, 2017
ගැමි නාට්‍ය
- සොකරි
ගැමි නාටක පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වශයෙන් අංග තුනකි.
- කෝලම්
- නාඩගම්
- සොකරි
- සොකරි
සොකරි සහ ගුරුහාමි විවාහක යුවලයි.නමුත් ඔවුන්ට දරුවන් සිටියේ
නැත .මේ නිසා ඉන්දියාවේ සිට නැවකින් මොවුන් ලංකාවේ කතරගම ප්‍රදේශයට පැමිණෙන අතර ගුරුහාමිව බල්ලෙකු සපා කෑම නිසා ලංකාවේ තඹරවිල ප්‍රදේශයේ වෙදරාළ වෙත ගෙන යනු ලබයි. පසුව සොකරි වෙදරාළ සමඟ සම්බන්ධයක් ඇති කරගන්නා අතර ඔවුන් දෙදෙනා පැන යයි. ඔවුන් සොයා දෙන ලෙස ගුරුහාමී කපුරාළගෙන් ඉල්ලීමක් කරන අතර අවසානයේ ඇයව හමුවේ.
Friday, November 24, 2017
ජන විශ්වාස
අතීතයේ අපේ මුතුන් මිත්තන් තුළ යම් යම් හේතු කාරණා පදනම් කරගනිමින් විවිධ වූ විශ්වාස හා මතවාද රාශියක් ගොඩ නැඟී තිබුණි. මේවා අසුබ හා සුබ යනුවෙන් කොටස් දෙකක් විය. ඇතැම් විට යම් කටයුත්තක් කිරීමේදී සුබ සලකුණු ලෙස හඳුනාගත් විශ්වාසයන් කීපයක් විය.- සුභ ගමනක් පිටත්ව යෑමේදී වතුර පිරුනු කළයක් ඉදිරියට මුණගැසීම . මෙය ඉතා සුභ සලකුණක් ලෙස අතීතයේ ගැමියා විශ්වාස කරන්නට විය. එපමණක් නොව වර්තමානය වන විට ද මෙය බොහෝ දෙනා අනුගමනය කරන්නකි. විශේෂයෙන්ම මංගල අවස්ථා වල දී , නව රැකියාවකට පිටත්ව යෑමේදී මෙලෙස වතුර වීදුරුවක් රැගෙන ඉදිරියට පැමිණීම සිරිත විය.
- ගේ දෙස බලාගෙන බළළෙකු මූණ සේදීම හා කපුටෙකු ඇඹුල් ගසක සිට කරව් කිරීම ගෙදරට යමෙකුගේ පැමිණීමක් සංකෙත්වත් කරන බව ගැමියන් තුළ වූ අනෙක් මතයයි.
මෙලෙස සුභ ලකුණු ලෙස සලකන කරුණු මෙන්ම සුභ කටයුතු වලදී අසුභ ලෙස සලකන ලද කරුණු ද විය.
අඟහරුවාදා සහ සිකුරාදා ස්නානය කිරීම.
හවස් කාලයේදී නිවස අතු ගා එලියට කුණු විසි කිරීම .
අගහරුවාදා සහ සිකුරාදා මකුණු දැල් කැඩීම හා ලිපේ අලු විසි කිරීම.
බල්ලන් කනපට ගැසීම හා ගමනක් පිටත් වීමට සූදානම් වීමේදි ඇඳුම් ඇඳගත් පසු නැවත එය මාරු කිරීම ගමනට බාධාවක් ලෙස සැලකීම.
කුල්ලෙන් සහල් පොලන විට කුල්ල ඉදිරියට යෑම.
කුල්ලෙන් සහල් පොලන විට පුරුෂ පාර්ශ්වය ඉදිරියට ගියහොත් අනාගතයේ ඔවුන්ට දෑවැද්ද නොලැබෙන බව වැඩිහිටියන් පවසසන්නට විය.
වංගෙඩිය මත හිඳ ගැනීම , ඇඹරුම් ගලේ පොල් කෑම.
එසේ කලහොත් මගුල් දවසට වහිනවා යැයි වැඩිහිටියන් පැවසීය.
Friday, November 17, 2017
ශාන්තිකර්ම
ගම්මඩුව ශාන්තිකර්මය
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත.
සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයිගොක් අතු එල්ලීම.
මෙහිදී නර්තන විවිධ ආකාරයෙන් සිදු අරනු ලබන නර්තන වේ.ඒ අතරින් පත්තිනි දෙවියන්ට පුද පූජා කිරීමේ අරමුණින් පත්තිනි සළඹ සිදු කරනු ලබයි.මෙහිදී දෙවොල් මඩු ශාන්ති කර්මයට පැමිණෙන ගුරුන්නාන්සේ පත්තිනි මෑණියන් ලෙස සරසා නර්තනයේ යෙදෙමින් පූජා පවත්වයි.
Thursday, November 16, 2017
ජන කතා
ජන කතා පිළිබඳව කතා කිරීමේ දී මෙහි අංග රාශියක් අන්තර්ගතවේ. ඇතැම් ජන කතා විවිධ විශ්වාසයන් මත ගොඩ නැගෙන්නට විය. ඇතැම් කතා අංගයන් හි යම් මවා පෑම් අන්තර්ගත විය. මේ ආකාරයෙන් ජන කතා විවිධ ආකාරයෙන් ගොඩ නැගී තිබෙන්නට විය. බොහෝ විට ජන ශ්‍රැතීන් තුළින් යම් උපදේශයක් ආදර්ශයක් සිය බාල පරම්පරාව වෙත යැවීමට එදා වැඩිහිටි පරම්පරාව උත්සහ කරන්නට වූහ. ඇතැම් ජන කතා තුළ අපේ ඓතිහාසික වටිනාකම් පවා ගැබ් වී තිබුණි . ලාංකේය ඉතිහාසය තුළ අපේ රජවරු කරන ලද ඉතා විශිෂ්ට නිර්මාණයන් පිළිබඳව ඒ තුළින් මනාව විස්තර කර තිබුණි. ඇතැම් කතා මාලාවන් ජාතක කතා පදනම් වෙමින් නිර්මාණය වී තිබුණි.
උදා : එක්තරා කුදු මිනිසෙක් දිනක් සිය පැලෙහි දිගා වී මහන්සි නිවන්නට විය. පැලේ වහලේ සිටි මීයෙකු එහි වූ පොල් කොළයක් කපන්නට විය. මෙයින් කුරු කුරු ශබ්දයක් නැගෙන්නට විය. ටික වෙලාවක් යන විට මීයා පොල් කොළය කපන ශබ්දයට ඇහුම්කන් දුන් මිනිසාට ඇසෙන්නට වූයේ "කුද කුරු කුරු කුද කුරු කුරු " යනුවෙනි. මීයා තමන් කුදු නිසාවෙන් තමන්ට සමච්චල් කරනවා යැයි සිතූ මිනිසා මීයාගෙන් පලිගැනීමේ චේතනාවෙන් පැළට ගිනි තබන්නනට විය. නමුත් සිදු වූයේ දැඩි කෝපය හේතුවෙන් තමන්ගේම වස්තූන් තමන්ට අහිමී වී යෑමයි.
මෙය ජන කතා අතරින් පෙර සඳහන් කළා සේ දැනමුතුකමක් ලබා දෙන්නට උත්සහ කරන ලද ඉතා අපුර්ව කතාවකි.
Wednesday, November 15, 2017
නෙලුම් කවි
නෙලුම් කවි යනු අතීතයේ ගැමියා විසින් ගොයම් පැළ සිටුවීමේදී , වල් ගැලවීමේදී භාවිතා කර ලද ඉතා අපූරු කවි වර්ගයකි. ජන කවි වර්ගයට අයත් මෙම සම්ප්‍රදායද විඩාව නිවා ගැනීමට යොදාගත් එක්තරා ආකාරය උප්පරවැට්ටියක් විය. අතීතයේ මුතුන් මිත්තන් වල් නෙලීම පැළ සිටුවීම ආදීය ඉතා ගරුසරු සහිතව කරන ලද චාරිත්‍ර විධි විය.
නමුත් අද වනවිට මේ සියලුම දේවල් යටපත් වී ඇත . එයට එක් හේතුවක්ලෙස යන්ත්‍ර සූත්‍ර භාවිතය පෙන්වා දිය හැක.මන්ද යත් අද වනවිට කාර්‍යබහුල ජීවිතය සමඟ පහසු මාර්ග අනුගමනය කරමින් යන්නට පුරුදු වී සිටී. නෙලුම් කවි වල ඇති විශේෂත්වය වන්නේ නෙලීමේ දී එක් අයෙකු මුල අල්ලා දෙන නෙලුම් කවිය අනෙක් අය විසින් සම්පූර්ණ කිරීමයි .උදා: මගුලට සෝබන ලෙසට යමල්ලාකුඹුරට දියවත ඇඳම වරෙල්ලාඇඳිවත උස්කර මඩට බහිල්ලාසුදු සලුපටියක් හුස බැඳපල්ලාමේ කවියෙන් අර්ථවත් වී ඇත්තේ නෙලීමේදී සැරසිය යුතු අකාරයයි.කුඹුරට දියවත ඇදම වරෙල්ලා යනු වැඩ කිරීමේදී පරණ ඇඳුමක් ඇඳ පැමිණන ලෙසයි.වල් පැළ ගලවා මඩ යට ගහමුකකුලෙන් පාගා තව යට කරමුඑක් වූ අය ලඟටම අඬ ගසමුඅසා සිටින්නට රස කවි කියමුමෙම කවියෙන් සඳහන් කර ඇත්තේ වල් පැළ ගලවා අලුත් පැළ සිටවන ආකාරයයි. වල් පැළ ගලවා ඒවා මඩ යට ගසා කකුලෙන් පෑගිය යුතුය. පසුව අලුත් පැළ සිටවිය යුතු වේ.බොහොම ගන්ටනම් නෙලුමෙන් අස්වනුහරිම හොඳට නෙලුමක් ඕනෑ වෙනුකොහොම කළත් බෑ නොනෙලා දැනගනුනෙලුම තමයි දෙන්නේ රන් අස්වනුනෙලුම නිසි ආකාරයෙන් සිදු නොකළහොත් බලාපොරොත්තු වන ආකාරයේ සරු අස්වැන්නක් ලබා ගත් නොහැකි බව මෙම කවියෙන් පැහැදිලි කෙරේ .
සංවාදාත්මක කවි
ජන කවි පිළිබඳ කතා කිරීමේ දී පාරු කවි , ගොයම් කවි, පතල් කවි ආදීය අප ඔබ සියලු දෙනා ඉතා හොඳින් හඳුනන කවි වර්ග වේ .නමුත් සංවාදාත්මක කවි ආදීය පිළිබඳ අප බොහෝ විට කතා කරන්නේ අල්ප වශයෙනි. සංවාදාත්මක කවි භාවිතා කරන්නනට වූයේ .දෙදෙනෙක් අතර සිදු වන සංවාද ලෙසයි.
උදා: කන්නේ හෝතලා පනවැල්ල ගෙනේ
බොන්නේ බොර දියෙහි දිය කඩිති ඉසිමිනේ
ඉන්නේ උණහිලා බඩගෙඩි නෙරව ගෙනේ
දන්නේ නැද්ද වන්නියේ අඟනුන්ගේ ගුනේ
මෙය සංවාදාත්මක කවියකි. හතර කෝරලේ වෙළෙන්දෙක් , හත් කෝරළේ බුලත් විට වෙලැන්දියකගෙන් බුලත් විටක් ඉල්ලූවිට ඇය ඔහුට අපහස කර ඇත. ඉහත දැක්වෙන්නේ ඔහු එවිට කියන ලද අපූරු කවියයි. එපමණක් නොව ඒ අවස්ථාවේදී ඇයද ඔහුට ඉතා අඟනා පිළිතුරක් දෙන්නට විය.
හතර කෝරළේ තවලන් වෙළෙන් දනේ
අතින් පයින් කූඩැල්ලන් කඩන් නේ
දණට අතගසා කඳුහෙල් නගින් නේ
තොපට මොකට වන්නියේ ගෑනුන්ගේ ගුනේ
Subscribe to:
Posts (Atom)